සිත ඔබ පාමුල රදවා…
බිදි සෙනෙහස ගිනි උහුලා….
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්…
ඔබට සෝතැවුල් නොම වේවා…..
අසුරැ සැනක් වූ රුසිරු අතීතය,
සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ…..
සදා රැදේවා…. ඔබේ ලොවේ…
ඔබට පිදුම් වූ සිතක විරාගය…..
කැටපත් පවුරක ගීයක් සේ……
සදා රැදේවා…. ඔබේ හදේ….!!
සුහදෙකු හා සුහදියක අතර ප්‍රේමය විප්‍රලම්භයක් වූ අවස්ථාවක පැන නගින මනෝභාවයන් මෙයින් විවර වෙයි.දෙදෙනා අතරින් සුහදියගේ සංලාපය විභූශිතය.ඇය තමාට අහිමි යැයි සිතන විජිතයෙන් සමුගෙන යන්නේ ඔහුට සුභ පතමිනි.සැබවින්ම ඇගේ ආදරයට සිදුව ඇත්තේ කුමක්දැයි සහෘදයින් තුළ නා නා සිතැඟි පහළ වෙයි.මෙය ඇගේ වරදකින් සිදුවූවක්ද,ඔහුගේ වරදකින් සිදුවූවක්ද නොඑසේ නම් අනෙකුත් බාහිර හේතුවක් නිසා සිදුවූවක් දැයි සිතීමට සහෘදයින් පෙළඹෙයි.ඇය සමුගෙන යන්නේ සිත ඔහු ළඟ නොව ඔහුගේ දෙපා අභියස තබමනි.ඇයට ඔහුව කෙතරම් අගනේ දැයි කියන්නට ඒ පදය හැර අන් කවරක් තම් ගැලපෙයිද..
පිරිමියාගේ වෙනත් කාන්තාවක සමඟ තිබූ සබැඳියාවක් හෙළි වීමකින් ඇය වෙන් වී යෑමට සිතුවායැයි සිතමු.එහෙත් ඇයට ඈ පිළිබඳවම වෛරයක් නොව ආත්ම සංවේගයක් පවතින බවක් පෙනෙයි.ඇගේ ඇඬුම්බර ස්වරය අපිව ඇගේ අත්දැකීම එලෙසින්ම අත් විඳීමක් කරලීමට සමත් වෙයි.මෙය පොදු අත්දැකීමක් වනුයේ වියෝවන්ට බොහෝ අයට මුහුණදීමට සිදු වන බැවිනි.ඇයට ඔවුන්ගේ සුන්දර අතීත මතකය අසුරු සැනක් සේය.එවදනින්ම ඇගේ එම අතීතයට පවත්නා ලැදියාව ධ්වනිත කෙරෙයි.අප ගතකරන සොඳුරුතම අවස්ථාවන්හා කාලය හා අවකාශය පිළිබඳව හැඟීම් දැනීම් නොමැත්තේය.එවන් අවස්ථාවන්හි කාලය කොතරම් ගතවූවාදැයි නොදැනෙයි.ඇයට එය යථාවක් නොමැති සිහිනයක් සේ දැන් දැන් හැඟෙයි.එම සිහිනය තුළ ගෑ මුදු සුවඳකි ඔහු පිළිබඳව ඈ තුළ වන මතකය. ඇය ඔහුගේ සුබ සිද්දියම පැතුවද ඔහුට තමාව අමතක වේ යැයි ඈ තුළ පවතිනුයේ බියකි. ඇගේ ප්‍රාර්ථනය ඒ සොඳුරු මතකය ඔහුට කිසිදිනක අමතක නොවීමයි. ප්‍රේමය ආත්මාර්ථකාමි සංකල්පයක්ම නොවන්නේ දැයි අපට යළි සිතෙනුයේ මෙවන් අවස්ථාවන්හිය.‘සදා රැඳේවා.. මගේ ලොවේ..නොයොදා මෙලෙස පද පිහිටවූයේ එබැවිණි. ඈ ඔහුට පුදනු ලැබූවේ පූජනීය ප්රේමයක් බැව් ඈ මතක් කොට දෙයි.ඒ තුළ වූයේ රාගයෙන් පරිබාහිර ප්‍රේමයකි.මන්ද ඒ ප්රේපමයේ මුල් අවස්ථාව පමණකි. ඇයට ප්‍රේමය රාගය කරා පියමනින තෙක් ඔහු වෙත රැඳී සිටීමට කාලයක් නොවීය.නමුත් ඇය තවමත් ඔහුට ප්‍රේම කරයි.කැටපත් පවුරක ලියනු ලැබූ කිසිවක් යළි නොමැකෙයි.එය ශිලාමය සටහනකි.ඔබේ හද නමැති කැටපත් පවුරෙහි තමාගේ විරාගී ගීය සටහන් වේවා යැයි ඈ පතයි.ඈ තුළ පමනක් ඒ මතකය තිබීම ඇයට සෑහිය නොහැකිය.
ප්‍රේමයේ ද්වී පාර්ෂ්විකත්වය සෑම පෙම්වතෙකු හෝ පෙම්වතියක්ම ප්රාකර්ථනා කරයි.ඇය අහිමි විජිතයෙන් සමුගෙන යන්නේ ගතින් පමණකි.සිතින් ඇය තවමත් ඔහුට බැඳී සිටියි.ඈ බලා සිටියි යමි දිනක ඔහු යළි එන තුරු..සිතින් හෝ දෙදෙනා පෙම්වතුන් වීම ඈ පතයි..ඔහුට සුභාශිංෂණය කිරීම තුළද ඈ පතන්නේ තමා ගැන අනුකම්පා මාත්‍රාවක් ඔහුගේ සිතෙහි හෝ වෙන් කළ වෙනත් බලවේගයක් තුළ හෝ ජනිතකර ලීමේ අවිඥානික මනෝභාවයම නොවන්නේද?
-TharushiNawanjana http://nadarataa.blogspot.com/

No comments:
Post a Comment