Tuesday, February 20, 2018
එම්බාම් කෙල්ල
කළුවරට බය වුණා තමයි ඒ ඉස්සර
දැන් සොහොන් පිට්ටනි ළඟද මට කොච්චර
පළමුවෙන් කැපු මිනිය ගලවලා වස්තර
දැන් දන්නෙ මිනිස් ඇඟ වාගේම දොස්තර
ලියුම් හත අට අරන් මං පස්සෙ ආව
එකම බත් මුල ලිහන් එකට ඉඳ කෑව
නිමල් අයියගෙ සිරුර උණුයි තව බෑව
කඳුළු හෙලුවත් කෝම ගන්නෙ මං වාව
එම්බාම් කෙල්ල මං වයස තිස්පහ පැන්න
ඉටුවුනේ නැති වුණත් හීන නම් ඉතිරෙන්න
රස්සාව පස්සෙ මං පැන්නුවා ඇතිවෙන්න
නැවතුනේ බැරි හිංදා නිකරුනේ බඩ වෙන්න
පන්සලට නොගියාට හිතින් පන්සල වෙච්චි
හැමෝගෙම අවසාන සායමට කැපවෙච්චි
මල මිනී ගන්ධයට තිලකුණම වැටහිච්චි
අම්මාගෙ බෝරිච්චි අතයි මේ නාකිච්චි
16/12/16
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment