Tuesday, November 8, 2016


මැකෙන හසරැල්
ඈත මාවත නොදැක ඔබ ළඟ ඉන්න හිතු හිත මෝඩ පාටද
සිතම කනපිට ගසා ඇස් ළඟ හෙලූ සිතිවිලි පරළු වූවද
හඬක් නොඇසෙන ලෝකයක් ගැන හිතුවෙ නැති බව කියන්ඕනද
නිසල ජල කඳ විසිරුවා මා හදවිලට ගල් ගැසුවෙ මොකටද
සරාසඳ වැව්තලේ දිය හා කෝල කරනා සොඳුරු වේලේ
අනන්තය අත වනන හැඟුමන් පා කලා මා මවා සේලේ
හීනෙනුත් රෑ දුටුවා සත්තයි ඔබත් ඈ හා කරන කෝලේ
වෙන්න ඇත්නම් ඔය ගෙලේ නොම ගැලවනා ආලයේ මාලේ
ගලන කඳුලැලි තුහින සේ ඔබෙ උණුහුමට සිසිලක්ම වේ නම්
මටත් වැඩියෙන් සෙනෙහසක් ලොව කොතනකින් හෝ හිමිවෙලා නම්
මැකෙන හසරැල් පණ ලබා ඔබෙ ලවන් අතරේ ඇඳී යා නම්
නැගෙන ගිනිදැල් නොදැනුනා සේ කඳුළු පරදා සිනාසෙන්නම්
16/11/08 *Tharu*

No comments:

Post a Comment