ඔයාගෙ එක සිත්තමක
නිරූපිකාව නොසිටි දින
මතකද නුඹට ඒ වැසි දින
අද වගේම අහස ගොරවන
නීටා නුඹ එදා ඇන්දෙ මාව
කළු තොල් රත් පැහැ කොට
විලුඹට වඩා දිග ගවුමට
සින්ඩරෙල්ලගෙ සපත්තු දැම්මා
එදා මට මාව හමුවුණා සත්තයි නීටා
අම්මගෙ පව්ඩර් බෝතලේ
හලාගෙන ඇඟ පුරා
පිට්ටනියෙ අයිනක
බලන් උන්නෙ කොල්ලන්ගෙ සෙල්ලම්
සුකුමාල කිරිල්ලිය
හයියෙන්ම හිනාවී
දමා ගැසු බෝලයෙන්
රිදුම් දේ දෙපරැන්ද තවමත්
ඇස් දෙකේ මස්කාරා
දියවෙනකල් ඇඬුවා
නීටා උඹ මාව
තේරුම් ගත්ත දා..
එදා ඉඳන් මං උඹේ
හොඳම යෙහෙළිය
රෝස මල්වලට වඩා
වෙරළු මල් සුවඳ නැති වරදට
කහ සාරියේ ඉඳුල් වක්කරන්
මේ වගේ ගිලෙන උන් බේරන්න
කුණු ගඟේ පීනුවා ගිලෙනකන්