නුඹේ නොසරුප් වදන් අභියස
මගේ හදවත කීරි ගැහුණා
කටු ඇණී අත රැඳි රෝස මල
මිල්ලෙ ඇම්බුං ඇලට වැටුණා
හිත රිදෝගෙන ඇස් පලාගෙන
මහා කඳුලැලි වැලක් වැටුණා
සිඳී ගිය ඇල පාලමේ හිඳ
පිරෙනකල් පිස්සියක් හැඬුවා
ඇත්තමයි රත්තරන් මං හැදුවෙ පාලමින් පනින්න
ජීවිතෙයි අමාරුම බල්ලෙක්ට වුණත් හැකි මැරෙන්න
ආදරේ බර වැඩිද මන්දා මල්පෙති හිතට
සිනහ තහනම්ද මන්දා බුම්මන මුවට
හිතේද වතුරෙද ලිව්වෙ ආදරය අකුරු හතර
නුඹ බැස යන සඳද නැත්නම් පරවෙන මලද
ගහ අහක බැලුවා මලට බඹරෙක් වැහුවම
ගඟ බිමට හැරුණා හංසයො ජෝඩු දැමුවම
උහුලන්න බැරිවුණේ හඳවටේ තරු දුටුවම
අම්මගෙත් හඬ ගැහුණා මගේ හිත රිදෙනවත් එක්කම
මගේ හිත ඇල්ලූ
අල්ල අල්ලා හෙල්ලූ
භූවල්ලා නොවෙද නුඹ...
No comments:
Post a Comment