Sunday, February 18, 2018

අතීතකාමයද ?



මං ආස බොරපාට පිටුවක
කලු පාට පුංචි අකුරට
කාවො කෑ ලා දුඹුරු කොලයක
හමා එන පරණ සුවඳට
කිරි පාට අලුත් පිටුවක
නැති මහා අමුතු රහසක්
හිත පිනවනා රසයක්
රැඳී තිබුණේ දුඹුරු කොළයක
පරණ පොතකට තිබෙන ආලය
සසල කල හැකි නොවේ කිසිවිට
සුදු පාට අලුත් පිටුවට

No comments:

Post a Comment