Tuesday, February 20, 2018

ලංකාවේ පෙරපාසල් අධ්‍යාපනය ප්‍රමිතිගත ද ?


දරුවන්ගේ අධ්‍යාපනයේ මූලිකම සහ වැදගත්ම අවස්ථාව ප්‍රාථමික අධ්‍යාපනයයි. ඉන් ලබන පෙරහුරුව, පසුබිම හා අත්වැල කණිශ්ඨ ජ්‍යෙෂ්ඨ අවධීන් පසුකරමින් වැඩිහිටියෙකු දක්වා අධ්‍යාපනයේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ඉවහල් වෙයි.  දෙමව්පියන් විසින් දරුවා මුලින්ම යොමුකරනු ලබන්නේ ද පෙරපාසල් අධ්‍යාපනයටයි. Montessori course නමින් සමාජයේ ව්‍යාප්තව ඇති පාඨමාලාව ළමා මානසිකත්වය හඳුනාගත් ගුරුවරයෙකු බිහි කරන්නේදැයි අපට නැවතත් ප්‍රශ්න කළ යුතු සිදුවීමක් පිළිබඳ අද දින Mirror girlට අසන්නට ලැබීම මෙම ලිපියට හේතුවයි. එනම්,

හංවැල්ල, වග ප්‍රදේශයේ පෙරපාසලක ඉගෙනුම ලබන දියණියක් දිවා ආහාරයට කඩල කෑම ප්‍රතික්‍ෂේප කළා යැයි පෙරපාසල් ගුරුතුමිය විසින් කළුවර කාමරයක සිර කර තබා අමානුෂික ලෙස පහර දී ඇත.  මෙයින් තුවාල ලැබූ දියණිය පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කර ඇත. මේ සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ පෙරපාසල් දියණියගේ මව විසින් හංවැල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

මෙම පහරදීම හේතුවෙන් තම දියණිය වන හිමිදි හිරණ්‍යා මෙන්ඩිස්ගේ (4) කන තුවාල වී ඇති බවත්, පාදයේ තැළුම් පහරවල් දකින්නට හැකි බවත් කළුවර කාමරයක සිර කර තැබීම නිසාවෙන් බියට පත්වී දියණිය පෙරපාසල් යෑම ප්‍රතික්‍ෂේප කරන බවත් හංවැල්ල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය පැවසයි.

මෙය අනාවරණය වූ තවත් එක් සිදුවීමක් පමණි. දෙමව්පියන් රැල්ලට යමින් International යැයි කියාගන්නා පෙරපාසල් වලට තම දරුවන් ඇතුළත් කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීමේ අරමුණිනි. නමුත් භාෂාව ගැන පමණක් නොසිතා ළමා මනස අවබෝධකරගැනීමට හැකියාවක් සහිත ගුරුවරුන් වෙත දරුවන් යොමු කළ යුතුව ඇත. පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම , නිසි පුහුණු ගුරුවරුන් දරුවන්ට ලබා දීම තුළින් පමණකි මෙම තත්වය වෙනස් කළ හැක්කේ..

No comments:

Post a Comment