විසිරෙනා සුමුදු රැස් ගත සිතම පුබුදුවන
මිදුලෙ හිඳ ඒ එළිය තවරගෙන පොහොනිවන
ඔබ මාගෙ වෙදැදුරුය තුන් සිතම සනසවන
පැහැදුල්ය උදෑසන සේය හද පහදවන
මිදුලෙ හිඳ ඒ එළිය තවරගෙන පොහොනිවන
ඔබ මාගෙ වෙදැදුරුය තුන් සිතම සනසවන
පැහැදුල්ය උදෑසන සේය හද පහදවන
ලං වෙද්දි දිවා කල ගෙවී බෝ තත්පරය
රැස් දැනුන පාරවන ගතට හරි වෙහෙසමය
එදා මෙන් නෙවෙයි මේ ගිනිරස්නෙ අවපැහැය
පුළුස්සා අළුකරන පලා ගිය සෙනෙහසය
රැස් දැනුන පාරවන ගතට හරි වෙහෙසමය
එදා මෙන් නෙවෙයි මේ ගිනිරස්නෙ අවපැහැය
පුළුස්සා අළුකරන පලා ගිය සෙනෙහසය
සැර අව්ව නොතැප තව හෙවණකට යන්නදෝ
සැඳෑ කල ගැන හීන මවා සැනසෙන්නදෝ
උදැහැනට ණයගැතිය විටමිනුත් දුන්නදෝ
රාක්සිගෙ අව්වෙ වේලෙන්නෙ ඒ හින්දදෝ
සැඳෑ කල ගැන හීන මවා සැනසෙන්නදෝ
උදැහැනට ණයගැතිය විටමිනුත් දුන්නදෝ
රාක්සිගෙ අව්වෙ වේලෙන්නෙ ඒ හින්දදෝ
ජීවිතය දිනක් නම් නිමාවක් දකිනු ඇති
රුදුරු බව දුරැර සැන්දෑව එලිබහිනු ඇති
මැදියමයි අහෝ මෙය පාරවන කිරණ ඇති
උදෑසන ගැන සිතා මා තවම එතන ඇති
රුදුරු බව දුරැර සැන්දෑව එලිබහිනු ඇති
මැදියමයි අහෝ මෙය පාරවන කිරණ ඇති
උදෑසන ගැන සිතා මා තවම එතන ඇති
No comments:
Post a Comment