පේන සුන්දර භාව ලීලා නැති නිසා දිස්වන ලෙසින්
ප්‍රේම සිත්තම් මකා දැමුවා කැළඹෙනා හදවත තුළින්
උපන් සේ මියයන්නෙ තනිවම ඉන්න ඇයි බැරි තනි සිතින්
මාව මරලා සිහින කුමරී තැනුවාද ඔබ ඇගෙ වෙසින්

එදා නන්දිය නමැති ගවයා හෙල්ලුනේ නෑ කුළු බසින්
අකුළු වදනට හැකිද යට කර ගන්න පා රකුසෙකු වෙසින්
කලින් සිතුනේ රජෙකු ලෙසිනේ හැමෝටම වැඩියෙන් පෙමින්
සැබෑ සිතුමන් හෙළි කලා ගිය නිසා කාලය ගත වෙමින්

මට මාව නැති කර ගැනීමද කැපකිරීමේ තේරුම
ඉපදුනේ ඇයි එසේ නම් මේ ලෝ තලේ වී මාවම
උනා නම් කීකරු අයෙක් අද බුදුවරුන් නැති ආගම
ඉතින් නිදහස අවසරයි ඔබ ඉනු මැනේ මා ගාවම

No comments:
Post a Comment