Thursday, December 8, 2016

එකමත්තෙක වීදියක...


රවුම් බැලුමක් එපා හැමදාම දකින
රතු පාට උස බැලුම දෙනවාද රැගෙන
තාත්තගෙ කමීසේ එල්ලුනා පමණි
කඳුලකුත් නොහෙලා අර බබා ගත්ත
හැමදාම අඬන මට අයිති නැද්ද
ලාභයිද කඳුලු දූවිල්ල විතර
දවාලට මුකුත් නෑ විකාරද මල්ලි
බැලුම් නම් මොනවාද පිපිරිලා බිඳෙන
හුලං වත් බීලා පිපිරෙන්න නොදී
රැකගන්න දිවිය තව බැලුම් කුමට
සුලඟ අද සැඩයි ලොකු ගසුත් වැටෙන
පොඩි පැළත් ඇතේ සුළඟ‍ නොම හඟින
නිවාස බිඳෙන වහල ඉගිලෙන
නැති වෙන්න දෙයක් තව ඇද්ද සොයුර
වීදියම උරුම අපි වගේ අයට
ඇන්ටිලා අන්කල්ලා කාරෙකෙන් නොබැහැ
අපෙ පොටෝ අරන් තරඟෙටත් යවලා
හොඳම සළ රුවට සම්මාන ලබලා
අායෙ මෙහෙ නාවා තරහකුත් නැතුවා
හැමදාම එකම වැරහැල්ල අඳින
වෛර්ණ ඇඳුම් හීනයකි අපට
සීතලයි ගතට වැඩියෙන්ම සිතට
කෑ දැත්තො වෙමුය මුව අයා උඩට
මල්ලි මෙහෙ එන්න මැරෙන්නද යන්නෙ
හප්පලා යාවි නඩුත් නැති හින්දා
බ්රේක් නැති දහස් මොටෝ රිය අතරෙ
මේ කැඩුණු රථය එක තැතම මෙහෙම
දේවාලෙ තියපු පූජ වට්ටියක්
ඉල්ලගෙන කමුද දෙවියො අබියසම
නෙක උයන් අතර රෝස මල් පිරුණ
දූලි පිරි මල්ය පාරයිනෙ පිපෙන

No comments:

Post a Comment