Monday, December 5, 2016

...දෙනෙත් පියා..................මුල පිරු කවි කමක අවසන අසරණව......

....................................................................
සඳ වත පෙනේ අතරින් තරු කැට නේක
කිම වැලපෙම්ද සොඳුරිය මේ කළු රෑක...
සිසිලස දවාලන හද සිතිවිලි නේක
තනිකර දමා ආවද නුඹ සිර ගේක...
..................................................................
සඳ කැන් වැටී තිබුණද මෙය උණුසුමකි

හද පැන් බිඳක් වැටුණොත් එය සැනසුමකි
පද කවි අමුණතොත් ඇති වන යම් සෙතකි
දොරගුළු දැමූ සිතුවිලි නම් ගිනි ගොඩකි...
.......................................................................
දැවි දැවි නිවී යනවා සේ ගිණි දැල්ල
කල හැක දෙසිත් එක් වූ කල හැම මෙල්ල
මල් රොන් මතට මත් වී සමනල් කෙල්ල
සිඳලනු හැඩයි ආදර බැමි ලඟ බෙල්ල...
.................................................................
දෙසිතක් යා වුණොත් එය හුදු විනොදයක්
හැම කළු දූලි අමතක වන ප්‍රබෝදයක්
එනමුත් දිනෙක එය වෙයි තව අගාදයක්
ආලය වෙසෙස් මූණින් එන විපාකයක්...
...............................................................
විදිනා කලට ආලය ලඟ සිත් හැඳින
කාලයෙ වෙනස ආ දා තෙක් නෙත් බැඳින
මූණින් වෙසෙස් පරදා ලුව හොත් සොඳින
දෙහදකි එකම මඟකට වී නොම සොවින..
...............................................................
මුල මැද අග එකම අයුරින් ගලා යන
රටා මවන හද සිත්තම් කොහේ වෙන
හීන ඇතුලෙ දකින හීන බඳින මන
හැබෑ ලොවෙත් ඒ විදිහට ඇත්ද පන...
.................................................................
දකිනා හීන දෙනෙතින් නොම පෙනේ මනා
වටහා හැඳින ගනු හද ලඟ කුමට වනා
තුන් තැන් සිතට වූ රිසිසේ මුවඟ සිනා
ලය මත හාදු තබමුද මුළු ගතම පිනා....

No comments:

Post a Comment