චිත්‍ර නාඳින අතින් පාවුන මගේ සිතුවම් මෝඩ පාටද
ගීත නොගයන මුවින් මිමිණූ බොළඳ ගීයේ තාල වැරදිද
නින්ද එනකන් හීන මව මව කතා ගෙතුවට අහන් හිටියද
නීල නෙත් නැති අඟුරු පැහැයට ලොවෙත් උපමා සොයනු බැරිවද

කදෝපැනියන් තාරකා හා තරඟ කරනා සොඳුරු වේලේ
ඈත ලෝකෙක මා වැනිම තව ඇත්ද හිතුනා අහිමි ආලේ
මැවී පෙනෙනා නේක සිත්තම් ඔබයි ඈ හා
කරන කෝලේ
අහස ගැබ්බර වෙන්න වාගේ වසාගෙන තාරකා සේලේ

මගේ වැලිකොල අතට වැඩියෙන් ඇගේ රතැඟිලි සුමුදු වේවා
මගේ ප්‍රේමයෙ පාට පරදා ඇගේ ප්‍රේමය පාට වේවා
මගේ බොර ඇස් සේදිලා එන කඳුළු මඩ කැට සැඟව යාවා
අපේ ගැන හැම මතක බේරා ඈත අහසට විසි කෙරේවා..
16/08/08 *Tharu

No comments:
Post a Comment