සුවඳ විතරක් දැනේවී
පාට සැඟවී හිඳීවී
දෙනෝදාහක් සෙනඟ අතරින්
මගෙන් සැඟවුණු රුවක අසිරිය
මටත් වේගෙන් ඇදී පාවෙන
ඇඟිලි තුඩකට දැනේවී
රෑලු දහවල නේක වදනට තාම තේරුම් හොයන්නේ
පොලෝ ගල් වැලි දැඩිව දැනුනා අහස කවුදැයි නොදන්නේ
තාරකා හිරු සඳුද නොදනිමි ඔබේ හඬ මට දැනෙන්නේ
ඇඟිලි විහිදා හඳුනගන්නට නොහැක ඒ ගැන තැවෙන්නේ
පොලෝ ගල් වැලි දැඩිව දැනුනා අහස කවුදැයි නොදන්නේ
තාරකා හිරු සඳුද නොදනිමි ඔබේ හඬ මට දැනෙන්නේ
ඇඟිලි විහිදා හඳුනගන්නට නොහැක ඒ ගැන තැවෙන්නේ
පීන පෙරුමන් භවයෙ එළඹෙන දෑස දේවිද නොදන්නේ
හීන දැක්කත් අතට හසුවන පාස විතරයි දැනෙන්නේ
පීන පීනම ඈත යන්නම් නීල ඇල්ලලු සිඳෙන්නේ
හීන දැක්කත් අතට හසුවන පාස විතරයි දැනෙන්නේ
පීන පීනම ඈත යන්නම් නීල ඇල්ලලු සිඳෙන්නේ
මලක් සුමුදුද කොයිතරම් ඉඩ දෙන්න විස්තර කරන්න..
එළියෙ ඇගයුම ඔබට වැඩියෙන් හොඳින් හැකි මට කියන්න..
පිළිම නොදැකත් දෙවියො ගානේ එන්න උත්තර බඳින්න..
අඳුර කොහොමද සදාකාලික එපා මාගෙන් අහන්න..
16/08/05 *Tharu
එළියෙ ඇගයුම ඔබට වැඩියෙන් හොඳින් හැකි මට කියන්න..
පිළිම නොදැකත් දෙවියො ගානේ එන්න උත්තර බඳින්න..
අඳුර කොහොමද සදාකාලික එපා මාගෙන් අහන්න..
16/08/05 *Tharu
No comments:
Post a Comment