Thursday, December 8, 2016

හීනයක්දෝ මීදුමේ ඇඳි

විල් දියේ සඳ පාව යන මොහොතේ
සුළඟ බිය වී සැඟවුණා
සැලෙන දිය මත විසිරෙනා සඳ
බලනු බැරිවීලා- දෑස පියවූවා
පුදා සොමි කඳ සනසනා හද
සියුමැලියෙ ඔබමයි සදා
ඈත සුරමග දුරයි පොළවට
කොහේ හෝ සිට සුදිලෙනා-එයින් මේ සිත සැනසෙනා
හීනයක්දෝ මීදුමේ ඇඳි
හිරුත් සමඟින් වියැකෙනා
අඹරෙ සරනා දුරයි ඔබ මට
ඡායාව වී ළංවෙනා- සුලං සැරියෙන් විසිරෙනා
16/08/09 *Tharu


No comments:

Post a Comment