Thursday, December 8, 2016

හීනයක් තරම් දිගු
කෙටිම කෙටි කතාවකි ආදරය
එළිවෙනව දන්නෙ නෑ
හීනෙ චරිතය වෙද්දි
බැස යනවා දන්නෙ නෑ
සඳේ සාවිය වෙද්දි
එළිය හද විනිවිදන් යන නිසා
හිරුගෙ පිළිබිඹුව බව නොහැඟුනා
උදෑසන සේ සුපැහැදිළි නිසා
මද්දහන ගැන සිතැඟි බොඳවුනා
කොන්දේසි නොදැමුනා හද බරින් වැඩි හින්දා
වෙන්දේසි නොවුන සිත පේවුනා ඔහු හින්දා
බන්දේසි පුරවලා තෑගි නොලැබුන හින්දා
ලන්දේසි වත්තෙ ඈ හැලුනා මල් වැඩි හින්දා
හීනයක් තරම් දිගු
කෙටිම කෙටි කතාවකි ආදරය..


No comments:

Post a Comment