වෙස් මූණ ගලවන්න
රෞද්‍රයි බියකරුයි
සාතන්ට ලං වෙන්න
කැමති අය කවුරුන්ද
බිල්ලන්ට බය නැතත්
ඕක හරි කැත එකක්
අත් දෙකම ඔසවලා
පහර පිට පහර දී
ඒ මූණ ගලවන්න
බැරි නිසා තරහින්ම
තාලයට මායමින්
ලංවෙලා ආලයෙන්
හැර ගත්ත බොරු මූණ
විසි කළා පාලමෙන්
සීරිලා ලේ පාට
වැහැරිලා ගිය මූණ
නොරිසි වී දකින්නට
මං පැන්නා ගං දියට
වෙස් මූණ සොයන්නට
නොගිලිලා වාරුවෙන්
පීනලා වෑයමෙන්
තෙත බරිව ආවා මං
පරක්කුයි ඔබ ගිහින්..
No comments:
Post a Comment