හැඟුමකට හැකියි නම් පා වෙන්න ඈතකට
කඳුළු අමතක වෙන්න හීන අහුරක් එක්ක
ඒ හොඳම වෙලාවයි ජීවිතේ විඳගන්න
සීතලට ගුලිවෙන්න උණුසුමට පිබිදෙන්න
කඳුළු අමතක වෙන්න හීන අහුරක් එක්ක
ඒ හොඳම වෙලාවයි ජීවිතේ විඳගන්න
සීතලට ගුලිවෙන්න උණුසුමට පිබිදෙන්න
ඊයෙ දැන් පහුවෙලා හෙට තාම ආවෙ නෑ
ඒත් මේ මොහොත මගෙ කාටවත් ගන්න බෑ
අතීතය ලංවෙලා මාව හඬවන්න බෑ
ජීවිතේ යන්න 'දැන්' තවත් නිර්වචන නෑ
ඒත් මේ මොහොත මගෙ කාටවත් ගන්න බෑ
අතීතය ලංවෙලා මාව හඬවන්න බෑ
ජීවිතේ යන්න 'දැන්' තවත් නිර්වචන නෑ
එළිය දුන්නත් කොතෙක් දැඩියි හිරු රැස් දිවා
රාත්‍රිය දොඩමළුයි මිහිරි රැස් වගුරුවා
තරු එක්ක හිනැහිලා සඳට කවි මිමිණුවා
කාලයට නවතින්න මුළු සිතම පැවසුවා
රාත්‍රිය දොඩමළුයි මිහිරි රැස් වගුරුවා
තරු එක්ක හිනැහිලා සඳට කවි මිමිණුවා
කාලයට නවතින්න මුළු සිතම පැවසුවා
No comments:
Post a Comment