'සෙල්ලම් ඇති දැන්'
අම්මත් කිව්වෙ එහෙම
අහද්දි වයින් පූසගේ
කැඩුන කකුල ගැන
නංගිගේ ලෙඩේ වැඩිලු
රහසක් ඇහුන මට
මාසෙලු ඉන්නෙ හරියට
ඕනලු බෝනික්කෙක්
රතු කොන්ඩෙත්තෙක්ක
නිල් ඇස් නටවන
අම්මත් කිව්වෙ එහෙම
අහද්දි වයින් පූසගේ
කැඩුන කකුල ගැන
නංගිගේ ලෙඩේ වැඩිලු
රහසක් ඇහුන මට
මාසෙලු ඉන්නෙ හරියට
ඕනලු බෝනික්කෙක්
රතු කොන්ඩෙත්තෙක්ක
නිල් ඇස් නටවන
පොත් ඇතුලෙ තියේලු
ලෝකෙ ගැන කතා මාරම
තාම බෑ අකුරු මට
ඉස්කෝලෙ දිහා බල බල
අදත් ආවා වැඩට
තාත්තා ඒවි දවසක
බලලා යන්න අපිව
මං වගේ කෙට්ටු නෑලු
උසලු මහතලු එයා
රෝසි නැන්දයි කිව්වෙ
අල්ලපු ගෙදර
ලෝකෙ ගැන කතා මාරම
තාම බෑ අකුරු මට
ඉස්කෝලෙ දිහා බල බල
අදත් ආවා වැඩට
තාත්තා ඒවි දවසක
බලලා යන්න අපිව
මං වගේ කෙට්ටු නෑලු
උසලු මහතලු එයා
රෝසි නැන්දයි කිව්වෙ
අල්ලපු ගෙදර
තාත්ත ආවොත් මෙහේ
සනීප වෙයි නංගිට
හිනා යද්දි ගොඩක්
ලෙඩ හොඳයි එයාගෙ කොහොමත්
බෝනික්ක ගන්න තව
තුන් දවසක් වැඩ මම
ඉර රැස් කටු අනින
ඒත් ගානක් නෑ මට
අම්ම කියනවා වගේ
සෙල්ලන්ද ජීවිතේ..
16/08/06 * Tharu
සනීප වෙයි නංගිට
හිනා යද්දි ගොඩක්
ලෙඩ හොඳයි එයාගෙ කොහොමත්
බෝනික්ක ගන්න තව
තුන් දවසක් වැඩ මම
ඉර රැස් කටු අනින
ඒත් ගානක් නෑ මට
අම්ම කියනවා වගේ
සෙල්ලන්ද ජීවිතේ..
16/08/06 * Tharu
No comments:
Post a Comment