හෝඩි පොතක් වගේ
ලේසියට කියෙව්වා මං
අමාරුවෙන් වගේ
බොරුවට ඇඟෙව්වෙ මං
කානිවෙල් ගැනයි
බෝනික්කො ගැනයි
ගෑණු වරුණාවයි
තිබුණු පොතක් නුඹ
නොදන්න බසින් ලිවූ
ජපන් පොතක් ඔහු
ඩික්ෂනරි පෙරලගෙන
නොනිදාම කියවපු
එක පරිච්චේදයයි
හරියටම ආස වුනේ
මල් ගැන.. හීන ගැන
තිබුනෙම නෑ ඒකෙ
පොතක් ඇත්ද ලොවේ
ලස්සනටම ලියපු
ආසම කරන හීන
අකුරක් ගානේ අැඳුනු..
No comments:
Post a Comment