Thursday, December 8, 2016

කුණු රස්සාව

කිංකිණි හොලවන ටීචගෙ සිරික්කිය
තාත්ත වගේ වෙන්න ඕන වුනාටයි මට
කුණුවල ගඳට නාහෙ කඩන් යන
එකම එක දිනක් දුන්නොත් ඇති මට
කාක්කගේ පුතා පොඩි කාක්කෙක්
පන්තියේ කසු කුසු ඇහුනා හොඳට
හොරකමුත් නෑ මිනී මැරුවෙත් නෑ
උන්ගෙ කුණු අදින එකද එතකොට වරද
දවසක් කෙල්ලෙක් පාස් කරද්දි ලොරිය
නාහෙ වහගෙනත් ඔක්කාරෙ ආවලු
අම්මට කිව්වත් හිනාවෙලා රැයක
කියනවද රහස කුණු ගඳ ඉවසන
පැණි මොර ගෙඩියක් නෙවෙයි පුතේ ජීවිතය
නෙල්ලි ගෙඩියක් වුනත් රස හත තියෙන
රස්සාව ගැන කිව්වට තාත්තා එහෙම
කඳුලක් දැක්ක ඇහේ රූරා නොවැටුන


No comments:

Post a Comment