Monday, December 5, 2016

අවසර මොටද නුඹගෙන්..




උන්මාද පින්සලෙන් පුළුවන්ද
බිත්ති පුරා ඇන්ද සිත්තම් මකන්න
බිත්තියකටත් පුළුවන්ද
පාටක් උඩින් පාටක් උලාගන්න
නාකි හුළඟකට පුළුවන්ද
පිපී ගෙන එන මලක් පුබුදන්න
අම්මෙකුට විතරමද පුළුවන්
පොළොවක් වගේ ඉවසන්න
පොඩිවුණ කමිසය අදටත්
මට බෑ හොඳින් සෝදන්න
ඕනම නම් තවත් ඒකිව
මෙහේ එක්කන් ඇවිත් බුදියන්න
ආවේගයට පුළුවන්
පහන් කනු හතඅටක් උස්සන්න
අවසර මොටද නුඹගෙන්
මගේ දෑසට කඳුළු බේරන්න..
16/10/08 *Thar
u*



x

No comments:

Post a Comment