Thursday, December 8, 2016

සෝන්ග්sss



කීං සද්දය හින්දා
සීනුව නම පලන්දා
බේරෙන්න බැරි හන්දා
සින්දුව කළා නන්දා
ටෙලිකාස්ට් කරවා
සහස් ජනයා පිනවා
සැනසෙන්න ඈ සිතුවා
නාලිකාවට කතා කෙරුවා
කීයක් දෙන්න හැකිද
එඩ්වාන්ස් එක හරිද
පැකේජ අංක තුනද
ඇයි මුකුත් දන්නැතිද
ලක්ෂ හතරක් හින්දා
තවත් තැනකට ගත්තා
රිගින් ටෝනුත් විකුණා
සල්ලි ගන්නා හැටි කියෙව්වා
කමක්නෑ මිස් එහෙනන්
සල්ලි නැත්තන් යහමින්
ෆ්‍රී වෙලාවක ඇවිදින්
සෙට්ල් කරගමු යහතින්
හීන නම් මහ කන්දා
තව නෑ රනින් රන්දා
සුමිහිරිම තනු බන්දා
ඈ තනියෙන්ම වින්දා

No comments:

Post a Comment