Monday, December 5, 2016

.......රකින නෙතු අඟ තටු සොයා.......

රෑකට ගෙයින් එළියට නොම බසිනු කියා
යාලුවො එපා අකැපැයි මට සෝලි තියා
සුළං ඇතත් සරුංගලේ අතේ තියා
අාලෙට නීති පොත හැදුවේ කිමද ඔයා...
. .
දන්නෙද රකින අරුතක වග කිමැයි කියා 
මිතුරන් වෙසින් හතුරන් නොම ගනින් තියා
 හිතු මතයෙම යනෙනා තැන් එකල ගියා 
රැඳෙනට කියන ලෙස බැරිනම් ගනිමි ලියා...
. .
නිදහස නොමැති ප්‍රේමයකින් ඵල කිම්ද 
රකුසෙකු මවන් කෙලෙසක ජීවත් වෙම්ද 
සංකාවකට ඇති පිවිසුම් කොතරම්ද
මා සෙනෙහේ අහසක් ඔබ නොදනිම්ද...
. .
පය රිසි දෙස දුවන ඒ නිදහස කුමට
රැකවල් එලන්නේ නුඹ රකිනට පෙමට
 මානෙන් දෑස් මා හැර යන්නේ එමට 
ගැහැණිය බවත් නිති සිත දැන ගනු සොඳට...
. .
අහසේ සරන්නට ආසයි සමනැලියත්
මල් මත රැඳී කිසිවෙකුගේ සිත නොරිදත් 
ජීවිත කෙටියි මිය යන දිනයක් නොදනිත් 
එබැවින් නිදහසේ සුව විඳ ගත යුතු වෙත්...


No comments:

Post a Comment