Thursday, December 8, 2016

සිහිනයක් බව මතුරන්න

ඔය සුසුම් සුවඳ තවරන්න
නෙත් පොකුනෙ තව කිමිදෙන්න
නිමේශයකට ලොවම නවතා
ආත්මයකට මතක පුරවා
දෑස් හෙමිහිට පියවෙන්න
මධුර ගීතය මුමුණන්න
අවකාශයේ තිත් දෙකක් සේ
සුළඟ හිරු නැත ගතු කියන්නේ
තවත් මොනවද බලා ඉන්නේ
දැන් ඉතින් මා සිපගන්න
නපුරු මතකය ගින්නෙ අවුලා
සිහිනයක් බව මතුරන්න
ලෝවේ මිහිරිම වචන පෙරලා
සෙමින් වගුරා සවන් පිනවා
ලවන් ගැහෙනා ස්වරය නවතා
වලා අතරේ පාවෙන්න
නොසිඳෙනා උල්පත මෙන්න
විඩා දුරු කොට සැනසෙන්න


No comments:

Post a Comment